පාඨලීට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට සූදානම්

රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට හා එම කාල සීමාවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතාට වෙන් වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

දාළ පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් බවත් ලිපිගොනු නීතිපති උපදෙස් සඳහා මේ වනවිට යොමුකර ඇති බවත්ය.
ඒ අනුව පැමිණිල්ල නැවත සැප්තැම්බර් 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *