කොබවක හිමිගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨළුල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියකුද යොදවා ඇති බවත් පොලිසිය කියයි.

මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව එම නිවේදනයේ සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *