කුරුල්ලන්ට ලබා දෙන ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ අයෙක් පොලිස් භාරයට

කුවේට් සිට මෙරටට ගෙන්වූ පක්ෂීන් සඳහා ලබාදෙන ඖෂධ තොගයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජම්පටා වීථියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පශු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතියකින් තොරව ගෙන්වා තිබෙන එම ඖෂධ සැකකරුවන් විසින් විකිණීම සඳහා තිබියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ දී වයස අවුරුදු 38ක පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

එම ඖෂධ තොගයේ වටිනාකම ලක්ෂ 10කට අධික බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශියන්ත මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *