කුඩු එක්ක අසු වූ මාකොළ සුද්දා නිලධාරියා හප්පා පනින්න හදලා

මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන‘මාකොළ සුද්දා‘ නමැත්තා කෙරලවලපිටිය අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවගොස් ඇති අතර බලවත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා ර් ය බළකාය පවසයි.

විශේෂ කා ර් ය බලකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු විශේෂ කා ර් ය බලකා නිලධාරියකු අනතුරට ලක්කර එම මෝටර් රථයෙන් පලා යෑමට උත්සාහ කළ බවද එම බලකාය කියයි .

පසුව මෝටර් රථය එකවරම පිටුපසට ගැනිමෙිදි මෝටර් රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානි සමග අධිවෙි⁣ගී මා ර් ගයේ විශේෂ සේවා දොරටුවෙන් සැකකරු පලා යෑමට උත්සාහකර ඇති බවද විශේෂ කා ර් ය බළකා ය කියයි.

එහිදි පිටුපස රෝදයේ හුලං බැසයෑ ම නිසා මෝටර් රථය ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මා ර් ගය ඔස්සේ දිව ගොස් ඇති බවත් පසුව විශාල පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුව ගත් බවද එම බලකාය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *