කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට   සැක කෙරෙන රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපළ සිය භාරයට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධීව උපයාගත් බවට සඳහන් දෙමහල් නිවාස දෙකක්, කඩකාමර හතරක් , සහ සුඛෝපභෝගී ජීප් රථයක් එලෙස පොලිස් භාරයට ගත් බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ද මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අධිකරණ නියෝගමත ඔහුගෙන් රඳවා ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.

2010 වසරේ සිට සැකකරු ඉන්දියාවේ සිට විවිද මත්ද්‍රව්‍ය ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් බෙදාහැරීම සිදුකරන බවට පසුගිය වසර කිහිපයතුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණයවී ඇති බවත් පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *