එක්ස්ප්‍රස් පර්ල් නැව පිළිබඳව 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර නාවික ගමනාගමනයේදී නැව් සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන වොයිස් ඩේටා රෙකෝඩර් හෙවත් VDR පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය ඊයේ දිනයේදී නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

නෞකාව අයත් මව් සමාගම සහ දේශීය නියෝජිතයා අතර ඇතිවූ සංවාද මෙම විමර්ශන කටයුතු සඳහා වඩාත් වැදගත් බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහි ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් ලබාදී ඇති උපදෙස් පිළිබඳව විශේෂ අවදානයක් යොමු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *