‘‘උස නම් සිකුරීටි මිටිනම් කම්කරු ක්‍රමයෙන් මිදිය යුතුයි‘‘ – අනුර කුමාර

“උස නම් සිකුරීටි මිටිනම් කම්කරු හා තාත්තගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය අවසන් කල යුතුව තිබෙනවා.සාම්ප්‍රදායික දේශපාලන රටාවෙන් මිදී නව දේශපාලන ගමනක් වටා අද මේ රටේ තරුණ තරුණියන් එකතු වී සිටිනවා. ඒ තරුණ ශක්තියෙන් තව මාස හතකට පසු රටට සුභදායි සමාජ පරිවර්ථනයක් හා නව පුනරුදයක් ඇති කරනවා.”යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.

“යූත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන ජාතික ජන බලවේගය සංවිධානය කල මාතර දිස්ත්‍රික් තරුණ සමුළුවේ දී ඔහු ඒ බව කීය.

එම තරුණ සමුළුව පෙරේදා (17) මාතර නිල්වලා ගගබඩ උද්‍යානයේ දී පැවැත්විණි.

මාතර වෙරල පාරේ සීට තරුණ තරුණියන් පා ගමනකින් එම සමුළුව වෙත පැමිණියේය.ඊට සමගාමිව යතුරුපැදි පෙළපාලියක් ද පැවැත්විණි.

තරුණ සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහත් මෙසේ ද කීය.

“නව දේශපාලන ගමනක් සදහා තරුණ තරුණියන් එකතු කිරීම අද අපි මාතරින් පටන් ගත්තා.අපි හිතනවා ලංකාවේ වැඩිම තරුණ පිබිදීම මෙය බවට පත් වේවි කියලා.අද අපේ රටේ තරුණ කණ්ඩායම් කිහිපයක් සිටිනවා.

එක කණ්ඩායමකට යමක් කමක් තිබෙනවා.යම් වත්කමක් ඇති ඔවුන් ජාත්‍යන්තරය සමග පවා සම්බන්ධකම් පවත්වනවා.ඔවුන් හිතනවා මේ රටට වඩා සුරක්ෂිත රටක් ආරක්ෂිත රටක් ජීවත් වන්න අවශ්‍යයි කියලා.ඒ නිසා ඔවුන් ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,කැනඩාව ආදී යුරෝපීය රටවල් තම අනාගත ගමනේ ඉලක්ක බවට පත් කර ගෙන සිටිනවා.

තව කණ්ඩායමක් ඉන්නවා.රැකියා නෑ.අතේ මිල මුදල් නෑ.අම්මා තාත්තට බරක් වෙලා.තමන්ට තිබෙන සිහින බිද වැටිලා.ගෙයක් දොරක් නෑ.විවාහයක් කර ගන්න විදියක් නෑ.ඒ නිසා ඔවුන් හිතනවා මැද පෙරදිග හෝ කොරියාව,ඊශ්‍රායලය වැනි රටකට පැන ගත්තොත් හොදයි කියලා.ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *