උසස් පෙළ සැප්තැම්බරයට කල් දැමීම පිළිඹදව අවධානය යොමුවේ

උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීම පිළිඹදව විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවත්, ඒ පිළිඹදව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

මේ අතර මාර්තු මස 13 වැනිදා සිට පාසල් වසා දැමීම හේතුවෙන් මේ දක්වා අහිමි වූ දින ගණන හිලවු කිරීම සදහා නැවත පාසැල් ආරම්භ කර දිනයේ සිට දින 85ක කාලයක් උසස් පෙළ සිසුන් වෙනුවෙන් පාසල් පැවැත්විය යුතු බවට වන යෝජනාවක්ද මේ වන විට ඉදිරිපත්ව තිබේ.

එම දින 85ක කාළය පැසැල් අධ්‍යාපනය සදහා ලබා දුනහොත් සැප්තැම්බර් මාසයට පෙර විභාගය කිසිසේත් ම පැවැත්විය නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *