ඊයේ වාර්තා වූ ආසාධිතයින් පිළිඹද තොරතුරු

මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 137ක්. එම ආසාදිතයින් 137 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේටි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයින් වන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ හඳුනාගත් සෙසු ආසාදිතයින් 10 දෙනා නාවික හමුදා සාමාජිකයන් බවටයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1,319 ක් වන අතර, ආසාධිත තත්වයේ සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 712ක් වේ. එමෙන්ම රෝගීන් 597 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *