ඊයේ ලබා දුන් එන්නත් ගණන 170,995 ඉක්මවයි

කොවිඩ් -19 ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ඊයේ  දිනයේ දී ලබා දී තිබේ.

ඖෂධ සැපයුම් හා නියාමාන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා 170,995 ක් ලබාදී ඇති බවය.

ඉන් මාත්‍රා 91,759ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර මාත්‍රා 79,236ක් දෙවන මාත්‍රාව ලෙස ලබාදී තිබේ.

මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ඉක්මවු පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ කෙරුණු අතර පළාතේ රෝහල් 45ක දී එන්නත්කරණ වැඩසටහන අද දිනත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *