ඉන්දීය හා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරගය අද මුම්බායිහිදී

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද මුම්බායි නුවරදී පැවැත්වේ. ඒ ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි.

මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බංලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට මෙලෙස සුදුසුකම් ලබා ගත්තා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගනිමින්. එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

2014 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ තරගාවලියක මෙලෙස අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *