ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීම සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සමත් විය.
ලකුණු 124ක පහසු ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී(කඩුළු 09ක්) රැස් කරගත හැකි වූයේ ලකුණු 93ක් පමණී.
මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් ක්රීඩා කිරීමට පිටියට නොපැමිණීමට කටයුතු කළේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 159ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඉන්දියාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 189ක් රැස් කළේය.
අනතුරුව දකුණු අප්රිකාව දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 153ක් රැස් කළ අතර, ඒ අනුව ඉන්දියාවට ජයග්රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමි වුණි.


