ඉන්දියාවට සුපිරි ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (19) පැවැත්වුණි.

එම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Litton Das හතරේ පහර 7ක් සමග පන්දු 82කදී ලකුණු 66ක් රැස්කර ගත්තේය.

Tanzid Hasan පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 51ක් රැස් කළේය.

ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 257කි.

එම ඉලක්කය හඹා ගිය ඉන්දියාව පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 261ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 97ක් තුළ ලකුණු 103ක් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *