ඉතියෝපියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකික ජාතිකයන් තිදෙනෙකු බේරාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා සහ ඉතියෝපියානු බලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් පසු පුද්ගලයින් තිදෙනා නිදහස් කළ බව අමාත්‍යාංශය පවසයි. ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී.
අමාත්‍යාංශයට අනුව, යාපනයේ පදිංචිකරුවන් වන වින්දිතයින් නීතිවිරෝධී සංක්‍රමණික මාර්ග හරහා කැනඩාවට ළඟා වීමට උත්සාහ කරමින් සිටියදී ඉතියෝපියාව හරහා ගමන් කර ඇත.
ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා සිටි ඉතියෝපියාවේ අපරාධ කල්ලියක් විසින් ඔවුන් වහල්භාවයේ තබාගෙන සිටින බව තිදෙනා තම ඥාතීන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.


