ඇෆ්ගනිස්තානයට සුපිරි ජයක්

2023 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති පුහුණු තරගය ශ්‍රී ලංකාව කඩුලු 6කින් පරාජය කළ ඇෆ්ගනිස්තානය ජය හිමිකරගත්තේය.

තරගයේ ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42 කදී ලකුණු 257ක ඉලක්කයක් ඇෆ්ගනිස්තානයට හිමිවිය.

කෙසේ වෙතත් අගනා පිතිහරඹයක නියැලුණු ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ පන්දුවාර 38යි එක් පන්දුවක් තුළදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 261ක් රැස්කරමින් අගනා ජයක් හිමිකර ගත්තේය.

එහිදී ආරම්භයට ශක්තියක් එක්කළ පිතිහරඹයක නියැලුණු Rahmanullah Gurbaz පන්දු 92කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 119ක් රැස්කළේය.

ඔහුට මනා සහායක් ලබාදුන් Rahmat Shah පන්දු 82කදී ලකුණු 93ක් රැස්කරගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගිනි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අගනා පිතිහරඹයක නියැලුණු කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව  Mohammad Nabi ගේ අගනා පන්දු යැවීම හමුවේ කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබුණි.

Mohammad Nabi පන්දුවාර 8කදී ලකුණු 44කට කඩුලු 4ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *