ඇස්ප්‍රින්

ඇස්ප්‍රින් ඖෂධ කාණ්ඩ 2ක් භාවිතයෙන් ඉවතට

මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්ථා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව අතර රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබිණි.

එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවත් ප්‍රමාණවත් තරම් ඖෂධ රෝහල් තුළ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මේ අතර, වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා භාවිත කරන ඒ.වී ෆිස්ටුලා නැමැති විශේෂ කැනියුලා වර්ගයේ ප්‍රමිතියෙන් තොර කොටසක් භාවිතයෙන් ඉවත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අදාළ කැනියුලා වර්ගයේ කාණ්ඩ කිහිපයක කාන්දුවීම් පවතින බවට හඳුනා ගැනීමත් සමඟ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *