ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

ආසියාවේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හංජෝ නුවරදී  ආරම්භ විය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට දින 16ක් පුරා පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය නිසා වසරකට කල්දැමුණු 19වන ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය චීනයේ හංජෝ නුවර ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙලෙස ආරම්භ වුණේ චීන ජනාධිපති ෂී ජින් පින් ගේ ප්‍රධානත්වයෙනි.

එය චීන ඉතිහාසය සහ සම්ප්‍රදාය විදහා දැක්වෙන විචිත්‍රාංග රැසකින් වර්ණවත්ව තිබුණි.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට රටවල් 45ක් නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 12,500කට අධිකය.

එහිදී ඔවුන් ක්‍රීඩා 40කට අදාළව ඉසව් 481ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *