ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් ඊයේ (01) දිනය වන විට මරණ 366ක් සිදුවී 367ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් තුන්ලක්ෂ දහඅටදහස් දෙසීය පනස් දෙකකට  අයත් පුද්ගළයින් එකොලොස් ලක්ෂ පනස් හයදහස් අටසීය හැටක්  පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 88 ක් මියගොස් තවත් 150 ක් අතුරුදන් වී සිටිති.

මෙයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75 ක් මියගොස් 62 ක් අතුරුදන්ව ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ 71 ක් මියගොස් 53 ක් අතුරුදන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *