ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ

ආපදාවලට පත්වූ ප්‍රදේශවල විදුලි බිල්පත් නොගෙවූ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විසන්ධි නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ප්‍රදේශවල මනු කියවීමේ හැකියාවක් පවා මේ වන විට නොමැති බවත් අදාල නොගෙවූ විදුලි බිල් ඉදිරි බිල්වලට එකතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට උත්සහ නොකරන බවත් එම නිලධාරියා කීය.
ආපදාවට පත්වූ ප්‍රදේශ රැසක මේ වන වටත් විදුලි සැපයුම විසන්ධි වී ඇති බව කී එම උසස් නිලධාරියා විදුලි සැපයුම හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *