ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පයින් ගහනවා – ජී. එල්. පීරිස්

වර්තමාන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පයින් ගසා නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරන බවත් පාර්ලිමේන්තු පනතක් මූලික අයිතිවාසිකම් සමඟ ගැටෙන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා ඊයේ(18) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය  හමුවකදී ඊයේ(18) එසේ පැවසීය.

කථානායකවරයා නිර්පාක්ෂික පුද්ගලයෙක් වියයුතු වුවත් වත්මන් කතානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී පීරිස් මහතා කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය ගෙන ආ බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමග ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවන බවත් මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැගී සිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

යෝජිත පනතකට නිර්දේශ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට දැන්වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ සහ යෝජනා අනිවාර්යෙන්ම රජය පිළිගත යුතු බවත් මෑතකදී ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනතින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළ බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *