අල්ලසට බරම ආයතනය පොලිසිය?

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම සඳහා පසුගිය වසරේදී එම වසර පුරාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ බවත් එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල මහතා පැවැසුවේය.

දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවත් තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා රේගුව බවත් ඔහු ප්‍රකාශ කළේය. එහි සිවූ වැනි ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉතිරි ස්ථාන අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට හිමිවන බව ඔහු පැවැසුවේය.

මහජනතාව එලෙස හඳුනා ගනිද්දී ලැබුණු පැමිණිලි හා සිදුකළ පර්යේෂණ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5 හඳුනාගෙන තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. එහිදී පළමු තැන ශ්‍රී ලංකා රේගුවට හිමිවී තිබෙන බවත් දෙවැනි ස්ථානය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉද්දවල මහතා පැවැසුවේය. සුරාබදු, ආගමන හා විගමන සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු එහි ඉතිරි ආයතන බව ඔහු ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *