අද සමස්ත ආසාදිතයින් ගණන 3,333 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 693 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,333කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 459,389ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,310ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 382,476ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *