හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සික්සස්  තරගාවලියේ බඳුන ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(09දා) සමත් විය.

ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 06 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 106ක් රැක් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 06 අවසානයේ කඩුලු 02ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 85ක් පමණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *