හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් සමග පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවක් සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සැක කටයුතු වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 151ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවක හෙරොයින් ජාවාරමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් අද සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *