හිටපු පළාත් සභා නියෝජිතයින්ව බැසිල් හමු වේ

මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල්තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා සහාය දීම සිය ප්‍රමුඛ වගකීම ලෙස සලකා කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ ඊයේ පැවති හිටපු පළාත් සභා නියෝජිතයින්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල්තැන දෙමින් සෞභාග්‍යෙය් දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා සහාය දීම තම ප්‍රමුඛ වගකීම සේ සලකා කටයුතු කරන බවය.

එමෙන්ම ජනතාව වෙනුවෙන් කැපකිරීම් කිරීමට තමන් කිසිවිටෙක පසුබට නොවන බවත්, අතීතයේ කටයුතු කළ සේම මව්බිම සහ ජනතාව පෙරමුණේ තබාගෙන කටයුතු කිරීමට ඉදිරියටද කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *