හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ සිදුවු පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (11) රාත්‍රී 8.45 ට පමණ එම පහරදීම සිදුව ඇති බවය.
පහරදීමෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
පහරදීම සම්බන්ධයෙන් සභාපතිවරයා සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.