දිවයින පුරා පාසල් ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත එන්නත්

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන්  සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ  අද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ යටතේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්  279,000 පමණ එන්නත් ලබාදීමට නියමිතය.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *