ශ්රී ලංකාවේ මහජන හදිසි තත්ත්වය ඊයේ (28) සිට බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර ඇති බව අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වේ.
1959 අංක 8 දරන පනත, 1978 අංක 6 දරන නීතිය සහ 1988 අංක 28 දරන පනත මගින් සංශෝධනය කරන ලද මහජන ආරක්ෂක ආඥා පනතේ (40 වන පරිච්ඡේදය) 2 වන වගන්තිය යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ප්රකාශය සිදු කරන ලදී.
ඒ අනුව, මහජන ආරක්ෂක ආඥා පනතේ II කොටසේ විධිවිධාන රට පුරා ක්රියාත්මක වනු ඇත.


