ශ්රී ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු දරමින් සිටියදී ඉවත් කරනු ලැබූ චන්දික හතුරුසිංහ සමග එළඹ ඇති සියලූ කොන්ත‍්‍රාත්වලින් ඉවත්වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉදිරි දිනවලදී හතුරුසිංහ එම ගිවිසුම්වලින් ඉවත් කරනු ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ආරංචි වාර්තා පවසයි. එංගලන්තයේ පැවැති ඉකුත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කළ අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ අපේක්ෂිත මට්ටමේ දක්ෂතා අතරට පැමිණීමට ශ‍්‍රී ලංකා පිළ අපොහොසත් වීම හේතුවෙන් අදාළ තීරණය ගත්තද මේ වනතුරු ඔහු හා ක්‍රිකට් ආයතනය ගිවිසුම්ගතව සිටීම නිසා ඔහුගේ මාසික වැටුප් ගෙවීමට සිදුවිය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක රොමේෂ් රත්නායක පත් කිරීමට කටයුතු කර ඇත.
මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු තනතුරට මිකී ආතර්, මාර්ක් රම්ප‍්‍රකාශ්, ටොම් මූඩි ඇතුළු කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවද වාර්තාවේ.