සෞඛ්‍ය උපදෙස් නොතකන කොළඹ ප්‍රදේශ යළි හුදෙකලා කිරීමේ අවදානමක

කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට නිරීක්ෂණය වී ඇති බැවින් එම ප්‍රදේශ නැවතත් හුදෙකලා කිරීමේ අවදානමක පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් යළි අවදානමක් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බවයි. මෙම තත්වය නිසා එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *