සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගනිති

රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය කාර්ය සහායකයින් 1900 ඉදිරි මාස දෙකේදී බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

ක්ෂේත්‍ර රාජකාරි වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙල ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති හමුවකදීය.

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත් එයින්  සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *