සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකරු ජෝර්ජිනා රොඩ්රිගස් සඳුදා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ ඔවුන්ගේ ළදරු පුතා මිය ගිය බවයි.
රොනාල්ඩෝ සහ රොඩ්රිගස් පැවසුවේ, “අපේ පිරිමි ළමයා මිය ගිය බව අපගේ බලවත් කණගාටුවෙන් ප්‍රකාශ කළ යුතුයි. ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාව එයයි.”
මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පෘතුගාල තරුව ඔක්තෝම්බර් මාසයේදී නිවේදනය කර තිබුනේ ඔහු සහ රොඩ්රිගස් නිවුන් දරුවන් අපේක්ෂා කරන බවයි. දෙසැම්බරයේදී ඔවුන් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව නිවේදනය කළහ.