සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු සහ සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

එමෙන්ම එම්. බී. රෝහණ පුෂ්පකුමාර මහතා සහ කේ. තවලිංගම් මහතා කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්   ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී.

සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ පෙර සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් සිදු කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *