ආනයනික සීනි සඳහා පැනවූ බද්ද අඩු කිරීමත් සමගම සිදුවූ වංචාවක් මඟින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීමත්, එමඟින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් අද (12) දිනයේ ගොනු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති වරයායි.