සිසුන්ට අවි පුහුණුව ලබාදුන් මද්‍රසා ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම මදුරන්කුලිය ප‍්‍රදේශයේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි මුස්ලිම් ජාතික සිසුන් පිරිසකට ගිනි අවි පුහුණුව ලබා දීම, අන්තවාදී දේශන පැවැත්වීම සහ ඔවුන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවීම යන චෝදනා යටතේයි.

නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ නියෝගයකට අනුව එහි නිලධාරීන් පිරිසක් පුත්තලම ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගුරුවරුන් දෙදෙනා පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති අතර තවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග එක්ව කටයුතු කර ඇති බව හෙළිව තිබේ.

මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාද මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කරගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *