T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.
පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම කෙරුණු අතර සමාව දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
කෙසේ වුවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙසක් ලබාදී නොමැති බවයි.