රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ එන්නත් තොගය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.
මෙම ස්පුට්නික් – V කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.