ලාංකිකයින්ට සිංගප්පූරුවෙන් නව රැකියා ක්ෂේත්‍ර 8ක දොර ඇරෙයි

ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ආහාර සේවා, සමාජ සත්කාරක සහ ගුවන් සේවා යන ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නව රැකියා කාණ්ඩ අටක් (08) විවෘත කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන තිබේ.
දේශීය ශ්‍රමිකයින් සොයාගැනීමට අපහසු ක්ෂේත්රයන්හි පවතින උග්‍ර ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස, සිය ‘රැකියා බලපත්‍ර’ (Work Permit) ක්‍රමවේදය සංශෝධනය කරමින් සිංගප්පූරු මානවබල අමාත්‍යාංශය (MOM) විසින් මෙම නව රෙගුලාසි හඳුන්වා දී ඇත.
සාම්ප්‍රදායික නොවන ප්රභවයන්ගේ රැකියා ලැයිස්තුව (NTS-OL) යටතේ මෙම නව රැකියා ක්ෂේත්‍ර නම් කර තිබේ.
අලුතින් විවෘත වූ රැකියා කාණ්ඩ 8:
මස් සහ මාළු කපන්නන් හා ඒ ආශ්රිත ආහාර සකසන්නන් (Butchers & Fishmongers)
ආහාර සහ පාන අලෙවිසැල් සහායකයින් (Food & Drink stall assistants)
මුළුතැන්ගෙයි සහායකයින් (Kitchen assistants)
වේටර්වරුන් / උපස්ථායකයින් (Waiters)
ගුවන් සේවිකාවන් / ගුවන් යානා සහායකයින් (Cabin attendants)
ළදරු සහ කුඩා දරුවන් බලාගන්නන් (Babysitters & Infant caregivers)
පෙරපාසල් ළමා අධ්‍යාපනඥයින් (Educarers)
ගුරු සහායකයින් (Teacher aides)
සුදුසුකම් ලබන රටවල් සහ අවම වැටුප
මෙම වැඩපිළිවෙළ යටතේ රැකියා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති රටවල් නවය (09) අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇති අතර බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය සහ තායිලන්තය සෙසු රටවල් වේ.
මෙම ක්‍රමය යටතේ විදේශීය ශ්‍රමිකයින් බඳවාගනු ලබන සිංගප්පූරු හාම්පුතුන් විසින්, එක් සේවකයෙකු වෙනුවෙන් අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක (S$ 2,000) ස්ථාවර මාසික වැටුපක් ගෙවීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, ආයතනයක සේවය කරන සමස්ත සේවක සංඛ්‍යාවෙන් මෙම ක්‍රමය යටතේ බඳවාගත හැක්කේ සියයට 8ක (8%) උපරිම ප්‍රතිශතයක් පමණි.
සිංගප්පූරුවේ හෝටල්, සංචාරක, ආහාර, ළමා සුරැකුම් සහ ගුවන් සේවා ක්ෂේත්රවල රැකියා අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකයින්ට මෙමඟින් අනගි අවස්ථාවක් හිමිවන නමුත්, මේ හරහා ස්වයංක්‍රීයව රැකියා බලපත්‍ර හිමි නොවන අතර සිංගප්පූරුවේ සේවායෝජකයන් නියමිත සියලු සුදුසුකම් සපුරා රජයෙන් අදාළ වීසා බලපත්‍ර ලබාගත යුතු බවද සිංගප්පූරු මානවබල අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.




