ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V  එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ එන්නත් තොගය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.

මෙම  ස්පුට්නික් – V  කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *