සහරාන්ගේ අන්තවාදී පන්ති වලට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු නාරම්මල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නැමැත්තෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ‍‍, 2018 හා 2019 වසරවල දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් විසින් පැවැත් වු අන්තවාදී පන්තිවලට සහභාගී වීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වර්තමානයේ කොච්චිකඩේ, දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශන අනුව මේ වන විට සැකකරුවන් 14දෙනෙකු පමණ අන්තවාදී පන්තිවලට සහභාගීවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *