සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දැනුම් දීමක්

සිනොවැක් සහ සයිනොෆාම් වැනි අක්‍රීය කරන ලද එන්නත් තුළින් ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා ගත් මෙරට ජනතාව අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව ලබාගත යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *