LK reports news sinhala

සජින් මෙවර සජිත්ට කැමැත්ත පළ කරයි

මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව පවසයි.

ඔහු පසුගියදා අම්බලන්ගොඩ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකදී වේදිකාවට ගොඩවෙමින් මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන් සජින් වාස්ට විරුද්ධව නඩු පැවරී ඇති අතර බන්ධනාගාරගතව සිට පැමිණීමෙන් පසු ඔහු මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග සබඳතා අත්හළේය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය දැරූ ක්‍රිස් නෝනිස්ට පහරදීම සම්බන්ධයෙන්ද එකල සජින් වාස් ගුණවර්ධනට විරුද්ධව බොහෝ පිරිස් අප්‍රසාදය පළ කර සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *