සජිත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුදාම තෙල් මිල අඩු කිරීමට සැරසෙයි

තමා ආණ්ඩුවක් පිහිටුවා පසු දිනයේම තෙල් මිල පහත හෙලීමට කටයුතු කරන බවත්, එතැන් සිට රට සමෘද්ධිමත් කිරීමට පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (24) නාවලපිටියේ පැවැති ජන හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“තෙල් මිල අඩු කළ විට බඩු මිල අඩු වෙනවා, ජීවන මිල අඩු වෙනවා, ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා, ආහාර මිල අඩු වෙනවා. ඒ අඩුවීමත් සමඟ ජනතාවගේ අතට වැඩිපුර මුදලක් ලැබෙනවා. ඒ මොකද ජනතාව පරිභෝජනය කරන විට ආයෝජනය කරන විට ඉතිරි කරන විට ආර්ථිකය උඩට යනවා. මෙවැනි ක්‍රමවේදයන් තුළින් අපි ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *