පාර්ලිමේන්තු සැසිවාරය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පටිගත කිරීමේ නිරත වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සරත් නිශාන්ත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
“පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයමහ සැසිවාර සජීවීව පටිගත කිරීමක නිරත වූයේ කථානායකවරයා විසින් එය නවත්වන ලෙස නියෝග කර තිබියදීය. මන්ත‍්‍රීවරයා ස්ථාවර නියෝග 91 කඩකර තිබෙනවා. ඊට අමතරව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අපට අභියෝග කර තිබෙනවා. මේ මන්ත‍්‍රීවරුන්ට මේ විදියට හැසිරෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ හැසිරීම්වලින් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වෙනවා,” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයමහ කියා සිටියේ ස්ථාවර නියෝග 91 සඳහන් කරන්නේ සහෝදර මන්ත්‍රීවරයෙකුට අපහාස කිරීම මිස පටිගත කිරීමක් නොවන බවයි. “සමහර බූරුවන් ස්ථාවර නියෝග ගැන දන්නේ නැහැ, දේවල් කියනවා. ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොතැබිය යුතුයි,” ඔහු පැවසීය.