සජිත්ගේ රැලියේදී අගමැතිට විරෝධය (වීඩියෝ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවූ ජන රැලියකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළවී ඇතැයි වාර්තා වේ. මාතලේ ප්‍රදේශයේ පැවැති ජනරැලියකදී එසේ විරෝධය එල්ලවී ඇති අතර එහිදී මහබැංකු හොරු අපට එපා යනුවෙන් පිරිස අතරින් කෑගැසීමක් ඇසිණි.

මෙම තත්ත්වය පාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය උත්සාහ කළ අතර පසුව අගමැතිවරයා වේදිකාවට පැමිණ සිය කථාව පැවැත්වීය.

(වීඩියෝ – අද දෙරණ ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *