සංචරණ සීමා පනවා තිබියදීත් රිය අනතුරු මරණ ඉහළට

සංචරණ සීමා පනවා තිබියදීත් ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ සංචරණ සීමා ක්‍රියාත්මක කළ මාර්තු මාසයේ සිට දිනකදී වැඩිම සංඛ්‍යාවක් මාර්ග අනතුරුවලින් මියගිය අවස්ථාවද මෙය වන බවය.

මෙම මියගිය අයගෙන් 5 දෙනෙකුම යතුරුපැදිවල ගමන් කළ අය බවත් ඉන් 4 දෙනෙකුම අනතුරට පත්ව තිබුණේ අධික වේගයෙන් ධාවනය කිරීම නිසා බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

සාමාන්‍යයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනයකදී පවා මාර්ග අනතුරුවලින් මිය යන්නේ 8 දෙනෙකු හෝ 9 දෙනෙකු වැනි සංඛ්‍යාවක් බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *