එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ශී‍්‍ර ලංකාවට පත් කරන මෙන් තමිල් කේසායි කොට්ටානි පක්ෂයේ නායක සී. විග්නේෂ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙතින් ඉල්ලා ඇත. විග්නේෂ්වරන් පෙන්වා දී ඇත්තේ මෙරට රජය සහ ආරක්ෂක හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවටයි. මෙම වසරේ මාර්තු වල පැවැත්වෙන 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පත් කරන ලෙසටයි ඔහු යෝජනා කර ඇත්තේ.
විග්නේෂ්වරන් විසින් මීට පෙර අවස්ථාවකදීද මෙරට ආරක්ෂක හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලා තිබුණත් ශී‍්‍ර ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා එම උත්සාහය අසාර්ථක විය.