ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) “ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්රථම මංගල ගුවන් යානය ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද ළගා විය .
මෙම ප්රථම මංගල ගුවන් ගමන සදහා ඒ. – 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර (Water Salute) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි .
ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ .
මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් අගහරුවාදා සහ සෙනසුරාදා දින වල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .


