දිල්ලියේ දුර්වල වායු තත්ත්වය හේතුවෙන් අද(06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ලෝක කුසලාන තරගය අවිනිශ්චිත බවට වාර්තා පළ වෙයි.
බංග්ලාදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඊයේ පැවති පුහුණු සැසිය සඳහා ද සහභාගි නොවුණේ, දිල්ලියේ පැවති අහිතකර වායු තත්ත්වය හේතුවෙනි.
ඊයේ පුහුණුවීම් සඳහා පැමිණ තිබුණේ, බංග්ලාදේශ ක්‍රීඩකයන් 08 දෙනෙකු පමණක් බව සඳහන්ය.
බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ දුර්වල වාතයේ තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය තත්ත්වය අවදානමේ නොදැමීමට බංග්ලාදේශ ක්‍රීඩකයන් තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් ක්‍රීඩා කිරීම සඳහා දිල්ලියේ වායු තත්ත්වය තවදුරටත් බලපානු ඇති බව ද චන්දික හතුරුසිංහ අවධාරණය කරයි.