ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක්: අගෝස්තු ප්‍රේෂණ ඩොලර් මිලියන 748.6ක්

ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය 2026 අගෝස්තු මස අවසානය වන විට තාවකාලිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.905ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම සංචිත ප්‍රමාණයට චීන මහජන බැංකුව සමඟ පවතින විනිමය හුවමාරු (Swap) වැඩසටහන යටතේ ලැබුණු මුදල්ද ඇතුළත් වේ.

මේ අතර, අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් වී තිබේ.

එය ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 777.6ට වඩා අඩු අගයක් වන අතර, 2025 අගෝස්තු මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 680.8ට වඩා ඉහළ අගයකි.

තවද, සැප්තැම්බර් 11 වන විට වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.7කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *